කාළගුණයෙන් අනතුරු ඇගවීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්ත්වය දිවයිනේ වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව දකුණු, සබරගමුව, මධ්‍යම,ඌව සහනැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.

මේ අතර කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් අතර ඉහල යා හැකි බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ හේතුවෙන් බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *