Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක් – රංගේ බණ්ඩාර

ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක් – රංගේ බණ්ඩාර

“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉතිරි කොටස දෙන්නේ. නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා. ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

“ආණ්ඩුව සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ පිරිසකට රජයේ රැකියා ලබාදෙනවා කියලා කියනවා. මුලින්  ලක්ෂයකටයි දෙනවා කියලත් කියනවා. තෝරන්නේ ග්‍රාමසේවක ග්‍රාමස සේවා වසම් මට්ටමින් තෝරාගන්නා අයට හමුදා පුහුණුවක් දෙනවලු. එහෙම කරන්නේ ඇයි කියලා කියන්න ඕනෑ.

මේ අය කඳවුරුවලදී ලබන පුහුණුවකින් පසු රැකියා දෙනවා කියලත් කියනවා. මේ වැඩෙන් කොටසකට සමෘද්ධි අහිමිවෙනවා රැකියාව දුන් පසු සමෘද්ධිය නෑ, ග්‍රාම සේවා වසම් 14,000කට වැඩිය රටේ තිබෙනවා. කීදෙනෙකුට රැකියා දෙන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න. මේ දෙන්නේ සාමාන්‍ය කම්කරු රැකියා. දෙන වැටුප ප්‍රමාණවත් නැහැ. අදියර දෙකකින් රැකියා දෙනවා කිව්වට එක් අදියරක් ක්‍රියාත්මක වෙන්නේ ඡන්දෙන්  පස්සේ. ඡන්දෙට කලින් දෙන්න බැරි නම් ඇයි කියලා මම අහනවා. මේ ක්‍රියාව ප්‍රෝඩාවක්. දුම්රිය මාර්ග දෙපස ගස් කපන කම්පකරු රැකියා ලබාදෙන්න යනවා. ඡන්දය දුන්නොත් ඉතිරි කොටසට ලැබෙනවා වගේ කතාවක් තමයි අපිට නම් ඇහෙන්නේ. මේ ආණ්ඩුව ජනතාව රවට්ටන්න  හදනවා. මේවට අහුවෙනවද කියලා කල්පනා කරලා බලන්න” යැයිද කීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *