ලක්දිව ඉංජිනේරු සමාගම ලංගම අබලි බස්රථ වලට පණපොවයි

ලංගමට අයත් අබලි බස්රථ 12ක් ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ ඉන්ජිනේරුවන් විසින් නවීකරණය කර නැවතත් ලංගම වෙත ලබා දී ඇත.

මේ පිළිඹද නිරීක්ෂණය කිරීමට මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉකුත් 13 වෙනිදා ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

පුද්ගලික අංශයේ බස්රථ අලුත්වැඩියාව මෙන්ම දැනට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රුපියල් ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව ලක්දිව ඉංජිනේරු සමාගමේ කාර්මික නිළධාරීන් පෙන්වා දෙන ලදි.

දැනට ඉතා අවම වැටුපකට සේවය කරන සේවක මණ්ඩලයට කැපවීමෙන් කටයුතු කර ලක්දිව ඉංජිනේරු සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කර, සමාගමට ලැබෙන ආදායමෙන් කොටසක් දිරි දීමනා වශයෙන් ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති නිතීඥ තුසිත අළුත්පටබැදි මහතාද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *