ලංකාවේ ප්‍රථම වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදකයාට කර්මාන්ත ඇමතිගේ සහයෝගය

දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ තරුණ ව්‍යවසායකයකු වන සහන් දික්මාදුගොඩගේ මහතා පසුගියදා “කර්මාන්තකරුවන්ගේ දිනයේ දී” කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

ආනයනික මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් ද දේශීය ශ්‍රමිකයන් පිරිසකට රැකියා සපයමින් ද ගෙන යන තම ක්‍රිකට් පිති ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වන බව මෙහිදී සහන් දික්මාදුගොඩගේ මහතා පැවසීය.

එහිදි ඉහත ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීමේ ඉඩ කඩ පිළිබඳව මෙන්ම සහන පොලී මත ණය ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *