රිෂාඩ් හිටපු හමුදාපතිට බලපෑම් කළාදැයි පරීක්ෂණ

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු පිළිඹද හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමැතුම් ලබා දී බලපෑම් කරන ලදැයි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත විසින් මීට පෙර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඕ බදියුදීන් සහ හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක යන පාර්ශ්වයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක එම කාල සීමාවේදී මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුයුදීන් දුරකතනයෙන් තමන්ව අමතා අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු විමසූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බදියුදීන් ප‍්‍රකාශ කළේ තමන් දුරකතනයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳ හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් සිදු කළ බවයි.

මෙම සිදුවීම පිළිබඳ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *