Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අදයි

ශ්‍රී ලංකා  – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද හරාරේ නුවරදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගාවලිය සම්බන්ධ රූපවාහිනී විකාශය සඳහා මෙතෙක් නිශ්චිත ගිවිසුමක් ඇතිකර නොගැනීම හේතුවෙන් මෙම තරගාවලිය ලොව කිසිදු රූපවාහිනී නාලිකාවක සජීවීව විකාශය නොවීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින්ද සිම්බාබ්වේ කණ්ඩායම සීන් විලියම්ස් විසින්ද මෙහෙයවනු ලබයි. පසුගිය වසරේ ලොව හොඳම ටෙස්ට් ඉනිම ලෙස නම් කෙරුණු දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලබාගත් ශතකය පිළිබඳ හෝ තැකීමක් නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙවර සංචාරයට ඔහු නම් නොකිරීම සුවිශේෂී සිද්ධියකි. මේ පිළිබඳව මාධ්‍යවේදීන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල්ගෙන් විමසූ විට ඔහු කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය භාවිත කරමින් ප්‍රශ්නයෙන් පැන ගියේය.

ශ්‍රී ලංකා සංචිතය :

දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු කුමාර, ලහිරු තිරිමාන්න, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

සිම්බාබ්වේ සංචිතය :

සීන් විලියම්ස් (නායක), රෙගිස් චක්බ්වා, ක්‍රෙග් අර්වින්, ප්‍රින්ස් මැස්වෝර්, සිකන්දර් රාසා, ටිමිසෙන් මරුමා, බ්‍රයන් මුඩ්සින්ගන්යමා, කෙවින් කසූසා, බ්‍රෙන්ඩන් ටේලර්, කයිල් ජාර්විස්, කාල් මුම්බා, ඇයින්ස්ලි න්ඩ්ල්වූ, වික්ටර් නයෝචි, ඩොනල්ඩ් තිරිපානෝ, චාල්ටන් ෂූමා

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *