Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්
ප්‍රවෘත්ති

“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

ශ්‍රී ලංකාව පුරා මෝටර් රථ වාහන ලිහිසි තෙල් (Lubricants) සහ ග්‍රීස් (Grease) අලෙවි කරන ස්ථාන ඉලක්ක කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සිදුකළ විශේෂ දිවයින පුරා වැටලීම් මාලාවකදී, සැකකටයුතු නීති උල්ලංඝනය කිරීම් 98ක් අනාවරණය කරගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ, පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, අනෙකුත් මෝටර් රථ ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරනු ලබන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාවට ලක්කළ බවයි. එහිදී ඉදිරි විමර්ශන කටයුතු සඳහා සාක්ෂි වශයෙන් නීතිවිරෝධී බවට සැකකෙරෙන නිෂ්පාදන රැසක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇත්තේ 2023 අප්‍රේල් 12 වැනි දිනැති අංක 2327/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද අංක 88 දරන විධානයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙනි.

රජයේ ගිවිසුම් අංකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

අදාළ ගැසට් රෙගුලාසිවලට අනුව, මෙරටට ලිහිසි තෙල් සහ ග්‍රීස් ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන සියලුම ව්‍යාපාරික ආයතන ශ්‍රී ලංකා රජය සමඟ වලංගු නිල ගිවිසුමකට එළඹ තිබිය යුතුය. එමෙන්ම, අලෙවිය සඳහා ඉදිරිපත් කරන නිෂ්පාදනවල ඇසුරුම මත මුද්‍රණය කර හෝ ස්ථිර ලේබලයක් මඟින් එම රජයේ ගිවිසුම් අංකය (Government Agreement Number) ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුය.

ප්‍රමිතියෙන් තොර සහ අනවසර නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඇතුළුවීම වැළැක්වීමත්, රජයේ අනුමැතිය ලත් නීත්‍යානුකූල සැපයුම්කරුවන් හඳුනාගැනීමට පාරිභෝගිකයින්ට පහසුකම් සැලසීමත් මෙම රෙගුලාසියේ මූලික අරමුණ බව අධිකාරිය පෙන්වා දෙයි. කෙසේවෙතත්, නිෂ්පාදනයක් මත රජයේ ගිවිසුම් අංකය සටහන්ව තිබූ පමණින් එම භාණ්ඩයේ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම සහතික නොවන බවද පාරිභෝගික අධිකාරිය මෙහිදී පැහැදිලි කරයි.

නීතිය කඩ කළ අයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු

අත්අඩංගුවට ගත් සාක්ෂි පදනම් කරගනිමින් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වන සියලුම වෙළෙඳුන්ට සහ වගකිවයුතු අනෙකුත් පාර්ශ්වයන්ට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කඩිනමින් නඩු පැවරීමට පියවර ගැනේ.

එන්ජින් ඔයිල්, ගියර් ඔයිල් හෝ ග්‍රීස් මිලදී ගැනීමේදී නිෂ්පාදන ලේබලයේ විස්තර හොඳින් පරීක්ෂා කරන ලෙසත්, අනිවාර්යයෙන්ම නිල මිලදී ගැනීමේ රිසිට්පත් ලබාගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරිය මහජනතාවට දැඩිව උපදෙස් දෙයි.

වෙළෙඳපොළ පරීක්ෂා කිරීමේ මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදුකරන බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මෙවැනි නීතිවිරෝධී ලිහිසි තෙල් අලෙවියක් පිළිබඳව තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළදී 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *