Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසුවේ,නැවතත් මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණ රිය අනතුරුවලින් පුද්ගලයින් 9දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් මරණ 3ක් ඊයේ දින සිදුවු රිය අනතුරුවලින්, මරණ 5ක් පෙරේදා දින සිදුවු රිය අනතුරුවලින් හා එක් මරණයක් ඊටත් පෙර සිදුව රෝහල්ගත කර සිටිය දී සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රිය අනතුරු බොහෝමයක් යතුරුපැදි ආශ්‍රයෙන් සිදුවන බවත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ද රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

මේ අතර ඊයේ දිනයේ දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණට ගැටී අනතුරක් සිදුව තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ 29 හැවිරිදි බෝපාගොඩ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර, අක්කරපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලව්වේන ආලන්කුලම මාර්ගයේ සම්බුනගර් ප්‍රදේශයේ දී ආලන්කුලම දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වු පෙරිය නිලවනි, මරදමුනේ පදිංචි අයෙකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *