නාවික හා ගුවන් හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

තිස් වසරක විජයග්‍රහණයේ 12 වන සැමරුම නිමිත්තෙන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසකට උසස්වීම් ලබා දී ඇත.

ඒ අනූව නාවික හමුදාවේ 1,968දෙනෙකු සඳහා උසස්වීම් ලබා දී තිබේ.

නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකුට සහ විවිධ තනතුරුවලට අයත් නාවිකයන් 1‍,904ක් සඳහා එම උසස්වීම් ලබාදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර ගුවන් හමුදාවේ නිලධාරීන් 35 දෙනෙකුට ද උසස්වීම් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

එම උසස්වීම් ලබාදීම සිදුකෙරෙන්නේද විජයග්‍රහණයේ 12 වන සැමරුමට සමගාමීවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *