රාජිත 27 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඔහු විසින් පැවැත්වූ පදනම් විරහිත ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළවයි.

————————————————————————————-

රාජිත සේනාරත්න අත්අඩංගුවට (May 13, 2020 at 19:44)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගැණුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.

හිටපු ඇමතිවරයාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කලේ .

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අද (13) අවලංගු කිරීමට නියෝග කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *