කොරෝනා

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 20 න් 18ක් ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වුණා. එම ආසාධිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවට වාර්තා වේ.

අනෙක් දෙදෙනාගෙන් පළමු වැන්නා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයකු වන අතර දෙවැනි පුද්ගලයා පෙර හඳුනා ගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු වන බව වාර්තා වේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් අඩක් පමණ නාවික හමුදා සාමාජිකයින් බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *