රාජිත බන්ධනාගාර ගත කිරීම පිළිඹද තීන්දුව අද

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගත් බවට මාධ්‍ය හමුවක් පවත්වා පදනම් විරහිත කරුණු දී ඉදිරිපත් කිරීමේ සිද්ධියය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද (13) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *