ජනතාවගේ හැසිරීම අසතුටුදායකයි – නි. පොලිස්පති අජිත් රෝහණ කියයි

කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට විවිධ උපදෙස් හා ක්‍රමවේද පිළිඹද දැනුවත් කළද ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඇතැම් පුද්ගලයින් කිසිදු ආකාරයක නිරෝධායන රීතියකට ගරු නොකරන ආකාරය නිරීක්ෂණය වූ බවත්, ඇතැම් ස්ථානවල මහජනතාව හැසිරුණු ආකාරය වීඩියෝ ගතකර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

අනවශ්‍ය ලෙස පැමිණෙන පුද්ගලයන් හා වාහන පිළිබඳව සොයා බලා දැනුම් දීමට සිවිල් ඇඳුමින් සැරසුණු නිළධාරීන් රැසක් යොදවා ඇති බවත්, ඒ අනුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් එම තොරතුරු වලට අදාළව අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම කොළඹ නගරයේ සී.සී.ටී.වී පද්ධති නිරීක්ෂණය කිරීමේදි දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදය ජනතාව විසින් අමතක කර දමා ඇති බවක් නිරීක්ෂණය වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අවස්ථාවේ ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල වාහන භාවිතා කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා හා රැකියා ස්ථානවලට එන අයට පමණක් බවත්, වාහන තදබදය අවම කිරීමට පසුගිය 11 වැනිදා මාර්ග බාධක රැසක් ඉවත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *