කොරෝනා ආසාදිතයින් ගණන 889 දක්වා ඉහළට

ඊයේ (12) රාත්‍රීය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ වන විට වෛරස ආසාධනය වි සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර ඊයේ දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇති බවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *