රන්ජන් පරදන හඬපට මා සතුයි – නිශ්ශංක සේනාධිපති

තමන් සතුව ද ආන්දෝලනාත්මක හඬපට ඇති බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා. එහි සදහන් වන්නේ පසුගිය යහපාලන රජයේ ඇතැම් අමාත්‍යවරුන්, සමීපතමයින් තමාගෙන් කප්පම් මුදල් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.

සිය බිරිද සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ යැයි බියට පත් කර රුපියල් මිලියන 500 ක මුදලක් තමාගෙන් ලබාගෙන ඇති බව එහි සදහන් කර තිබෙනවා.

තමන් ආචාර ධර්ම අනුව ජීවත් වන බවත්, තවත් රන්ජන් රාමනායක කෙනෙකු වීමට අවශ්‍ය නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින් ලබාගත් කප්පම් මුදලින් කොටසක් සිය නිවසට ගෙනවිත් භාරදී ඇති බවත් ඉතිරි මුදල් ආපසු ලබා නොදුනහොත් තමන් දෙවරක් නොසිතන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

1 Comment

  1. He has a duty to expose.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *