රන්ජන්ගේ හඬ සන්සන්දනය කළ නොහැකි බවට අධිකරණයට දැනුම් දුන්නේ නෑ-රජයේ රස පරීක්ෂක

රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ඔහුගේ හඩ සමඟ සන්සන්දනය කළ නොහැකි යැයි, අධිකරණයට දැනුම්දීමක් කර නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු රන්ජන් රාමනායක මහතාගේ හඬපටවල හඬ අපහැදිලි බැවින් එය පදනම් කරගෙන මන්ත්‍රීවරයාගේ හඬ සංසන්දනය කළ නොහැකි බව එම දෙපාර්තුමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව අද ප්‍රධාන පුවත්පත් වාර්තාකර කර තිබු අතර එයට අදාළව නිවේදනයක් නිකුත්කරමින් රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *