රත්‍රං කිලෝග්‍රෑම් 6ක් සමඟ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට…

නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝ 06.996 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (මැයි 07) උදෑසන ගුවන් තොටුපළේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සිය සිරුරේ නීතිවිරෝධී ලෙස සඟවාගෙන පැමිණි රත්‍රං තොගය සඟවාගෙන සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සතුව තිබී කිලෝ 04.942ක් බරැති රන් බිස්කට් සහ කිලෝ 02.54ක් බරැති රන් ආභරණ සොයාගෙන තිබෙනවා.

සැකකරු කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *