Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පහරකෑමට ලක්වූ ඕමාන ආයෝජකයා ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

පහරකෑමට ලක්වූ ඕමාන ආයෝජකයා ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

කටාන, හල්පේ ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් කම්හලක කළමනාකාර අධ්‍යක්ෂවරයා මාර්තු මාසයේදී නාඳුනන පිරිසක් විසින් පහරදීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව වසා දමා ශ්‍රී ලංකාව හැර යාමට තීරණය කර තිබේ.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කම්හල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාට මුලින් පහර දී ඇති අතර පසුව ඔවුන් ඕමාන ජාතිකයෙකු වන ඇපරල් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂවරයාට කර්මාන්තශාලා පරිශ්‍රයේ පිහිටි නිවසේදී පහර දී ඇත.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ දේශපාලන ප‍්‍රධානියෙකුගේ සහාය ලබන බව කියන කල්ලියක් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඕමාන ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිට ඇත. සුප්‍රසිද්ධ ඕමාන් ඇඟලුම් ජාලයක සහෝදර සමාගමක් වන ඔහුගේ ඇඟලුම් කම්හලේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් සේවය කරති.

සිලෝන් ටුඩේ වෙත වාර්තා වන පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන් ව්‍යාපාරිකයා සිය අප්‍රසාදය පළ කර ඇත.

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කර තිබේ.

මේ හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා ශ්‍රී ලංකාව හැර යාම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඕමාන ජාතිකයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *