රට වසා දැමීමේ තීරණයක් නෑ අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය රැස් කරගන්න එපා – වෙළඳ ඇමති

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ මහතා කියා සිටින්නේ එම නිසා අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹුණු බවත්, එම තත්වය මත සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක හිඟයක් පවතින බවත් ප‍්‍රදේශ රැසකින් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *