කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවකුගේ මවට කොරෝනා ආසාදිතව ඇති බවට වාර්තා වීමත් සමග එම සිසුවා ඇතුළු පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධායනයට ලක්කොට ඇති බව එම පාසැල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පවුලේ සියලු දෙනාටම මේ වනවිට PCR පරීක්ෂණ සිදු කොට ඇති බවත්, එහි ප්‍රතිඵල ලැබුණු සැණින් සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර මේ වනවිට රැගෙන ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.