රටපුරා තාප්ප තරුණ පිරිස් අතින් හැඩවෙයි

කොළඹ මෙන්ම දිවයින පුරා තවත් නගර රැසක ස්ථාන බොහෝමයක් මේ දවස්වල සිතුවම්වලින් අලංකාර කරන අයුරු දක්නට ලැබේ.

විවිධ ස්ථාන රැසක තාප්පවල ඇති මෙවන් සිතුවම් වල සේයාරූ සමාජ මාධ්‍ය වලද හුවමාරු වන අතර සිංහල සංස්කෘතිය, බුදු දහම ඇතුළු අනෙකුත් දහම් පණිවිඩ, සමාජ පිළිගැනීමට ලක්වූ විවිධ චරිත මේ ආකාරයට සිතුවමට නැගේ.

මෙලෙස අද වන විට සිතුවම්වලින් අලංකාර වෙමින් ඇත්තේ උපකාරක පන්ති ගුරුවරුන් , දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්ව මෙතෙක් කල් දැන්වීම්වලින් අපවිත්‍ර කළ තාප්ප වීම විශේෂත්වයකි.

මෙලෙස කොළඹ , කළුතර , ගම්පහ , මහනුවර , ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකම ඇතැම් ස්ථාන සිතුවම් වලින් මේ වන විටත් වර්ණවත් වී අවසන්ව ඇත.

ගුවන් පාලම් බඳෙහි , මග දෙපස තාප්ප මෙන්ම සුවිශේෂී ගොඩනැගිලි මෙලෙස විවිධ තේමා යටතේ සිතුවම් වලින් වර්ණවත් කර තිබෙන අතර මෙම නිර්මාණ කරන තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ මෙම තාප්පවල යළි පෝස්ටර් හා දැන්වීම් අලවා අපිරිසිදු නොකරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *