පාර්ලිමේන්තු සභාවාරය කල් තැබේ

අද(2) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ජනපතිවරයාගේ අත්සනින් යුතුව මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි වර්තා වේ. ඒ අනුව නව සභාවාරය ලබන 2020 වසරේ ජනවාරි 3 වැනිදින ආරම්භ කිරීමට නියමිතය. එදින අභිනවයෙන් තේරී පත්ව සිටින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව සිදුකිරීමට නියමිතව ඇත. මීට පෙර පාර්ලිමේන්තුව කල් තබා තිබුණේ හෙට(3) දිනටය. ඒ අනුව නව සභාවාරය තවත් මසකින් කල් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *