පූජ්‍ය පක්ෂය දේශපාලනය නොකළයුතු බව අගරදගුරුතුමෝ කියති

පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවත් පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද කාදිනල් හිමිපාණන් කියා සිටියේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමිනි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය, ප්‍රගතිය ලබා දිය හැකි දේශපාලන නායකයින් තෝරා පත් කර ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *