පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රජයට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
දෙමළ සන්ධානයේ නායකයින් හා රජයේ පාර්ශ්ව අතර මේ පිළිබද සාකච්ඡාවී ඇති අතර එහිදී ද්‍රවිඩ සන්ධානය ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසියක් වී ඇත්තේ උතුරු පළාතෙන් නාවික හමුදාව ඉවත් කරගන්නා ලෙසයි. ඒ අනුව රජයේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරන බවටවූ එකගත්වය මත ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංගයේදී තම සහාය රජයට ලබාදී ඇත.
මීට පෙරද රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවල්දීද දෙමළ සන්ධානය තම සහාය ලබදීමට රටට අහිතකර විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණු බවට වාර්තා විය.
ඡායාරූපය- telo.org



Terrific
Comments