ජාතික ශෝක දිනයක් ගැන ජනපති කියයි

මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද වලව කලාපයේ මහවැලි ගොවීන්ට ඉඩම් අවසර පත්‍ර ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

වලව කලාපයේ මහවැලි ගොවීන් පන්දහසකට ඉඩම් අවසරපත්‍ර පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.

උපුටා ගැනීම – අද දෙරණ

Image – Dailynews.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *