රජයේ කෘෂි ප්‍රතිපත්තිය සැකයි – සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

ස්වයංපෝෂිත කෘෂිකර්මික ආර්ථිකයකට හිමිකම් කියනු ලබන මෙරට ජනතාව, ක්‍රමානුකූලව කෂිකර්මාන්තයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටත පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසමිනි.

ඒහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පළමුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන සාධක ලබානොදී කෘෂිකර්මාන්තයේ නියැලීම අධෛර්යමත් කරන බවත් දෙවනුව ඔවුන්ගේ සශ්‍රීක ඉඩම් විෂ පොහොර යොදා මුඩු ඉඩම් බවට පත්කෙරෙන බවත් ය.

කෘෂි ඉඩම් පාළුවට යාමෙන් අනතුරුව ඒවා මුඩු ඉඩම් වශයෙන් හඳුන්වා බහුතජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකිණීම සඳහා අවශ්‍ය පදනම මෙමගින් රජය සකස් කරගනු ලබන බවට බරපතළ සැකයක් උපදවන බව ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – 1999 අංක 35 දරන ජාතික ශාක නිරෝධායන පනත කඩකරමින් පළමු පාර්ශවයක නිර්දේශ මත කාබනික පොහොර යැයි ලේබල් කළ පොහොර ගෙන්වීමට රජය අවසර  දෙන්නේ ද? රසායනික පොහොර තහනම නිසා වී, තේ, රබර්, පොල් වගාවන් සහ එළවළු පලතුරු මෙන්ම වෙනත් බෝග වගාවන්වල අස්වනු අඩුවීම වෙනුවෙන් අසරණ වන ගොවීන්ට රජය ලබා දෙන්නේ යැයි පැවසූ වන්දි ලබාදීමේ ක්‍රමවේදය කුමක්ද? 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා – මේ පරිසර හිතකාමි කෘෂිකර්මාන්තය ගැන අපි තීන්දුව ගත්තා. මේ තීන්දුව ආපස්සට හැරවීම සඳහා රසායනික පොහොර ආනයනකරුවන්ට සහ රසායනික පොහොර නිෂ්පාදකයන් මේ සඳහා විශාල ආයෝජනයක් කරනවා. මේ සියලු තොරතුරු දෙන්න අපිට මාසයක් වගේ කාලයක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. මේ බැංකු ගිණුම්වලට එන සල්ලි, මේ දුරකථන සංවාද මේ සියල්ල පිළිබඳව පොඩි කාලයක් අපිට දෙන්න. බිලියන 100ක ආයෝජනයක මේ ආපස්සට හරවන්න යන්නේ. අද වෙනකොට ගරු කතානායකතුමනි මහ කන්නයට හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරන්න අවශ්‍යයි අද වෙනකොට ගරු කතානායකතුමෙනි හෙක්ටයාර් 521,000 වගා කරලා තියෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – නිවැරදි ප්‍රසම්පාධන ක්‍රීයාවලික් අනුගමනය කළා නම් කොහොමද ගරු ඇමතිතුමෙනි ශාක නිරෝධායන සේවය ආනයනික බලපත්‍රයක් නොමැතිව කොහොමද ඩොලර් ලක්ෂ 80ත් 90ත් අතර ප්‍රමාණයක මේ පොහොර ගෙනන්නට ණයවර ලිපි නිකුත්කළේ ? 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා – ඔබතුමාලා වෙලාවකට බනිනවා පොහොර නැහැ කියලා. පොහොර ගෙනා ආවිට ඒ ගේන පොහොර නවත්වන්න කථා කරනවා. ඔබතුමා කියන විදිහට චීනයෙන් නැව පිටත්වෙලා තියෙන්නේ වාණිජ බලපත්‍රය නැතුව. එක වැරදී එහෙම එන්න අයිතික් නැහැ. ඒ නිසා තමයි වාණිජ අධිකරණයට ගිහින් මේ තීන්දුව ගත්තේ.

මේ අතර, වර්තමානය වන විට රටතුළ මිලියන 1.3ක සහල් අතිරික්තයක් පවතින බැවින් ඉදිරියේ දී රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩකඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *