යාපනයට ගිය ඇඟළුම් කර්මාන්තශාලා සේවිකාවකට කොරෝනා, කුරුණෑගල රෝහලෙන් ආසාධිතයින් දෙදෙනෙක්

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගිය සේවිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කර සිටී. මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ මෙම සේවිකාවන් දෙදෙනා පසුගිය සතියේ යාපනයේ පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර, වාර්තා වූ කොවිඩ් 19 තත්ත්වය මත ඔවුන් නිරෝධායනයට යොමු කොට PCR පරීක්ෂණවලට යොමු කර තිබේ. එම පරීක්ෂන වල ප්‍රථිපල වලට අනුව එක් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර සිටියා. කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී මේ බව තහවුරු වූ අතර, ආසාදිත පුද්ගලයින් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි රෝහල් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *