මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක් දින සේවාව හැර සාමාන්‍ය සේවා 20 වැනිදා සිට අරඹයි

කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ ආරක්ෂක පියවරක් ලෙස සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු මෙම මස 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව සේවා සැපයීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එක්දින සේවාවන් යළි දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම, වාහන අංක තහඩු නිකුත් කිරිම හා වාහන පරික්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සියලු සේවාවන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කරනු ලැබෙන බවත්, එම සේවාවන් ලබා ගන්නා පුද්ගලයින් පහත සඳහන් දුරකථන අංක අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *