කොරෝනා අවදානම පහව ගොස් නෑ, සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද දිගටම පිළිපදින්න

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සම්පූර්ණයෙන් පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටී. එබැවින් සියළු දෙනාම ඉදිරියටත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද නිසි අයුරින් පිළිපැදීම ඉතාම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

කුමන හෝ අයුරකින් වෛරසය සමාජ ගත වී ඇත් ද යන්න සොයා බැලීම සදහා නියැදි පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ සෑම අයුරකින්ම නිදහස භූක්ති විදීමට සුදුසු කාලය තවමත් උදාවී නොමැති බැවින් අවදානයෙන් ඉවසීමෙන් හා සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *