රුපියල් 5000 දීමනාව ලබාදුන් ආකාරය පිළිඹද විමර්ශණයක්

කොරෝනා වසංගත තත්වය හමුවේ පීඩාවට පත්වන පවුල්වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේදී අක‍්‍රමිකතා සිදුව ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අරඹා ඇති මෙම විමර්ශණයන් ප‍්‍රාදේශීය හා දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මකවේ.

මෙම දීමනා ලබාදීය යුතු පවුල් වෙතට එම දීමනා නොලැබීම හා විශ‍්‍රාම වැටුප් ලබන හා ආර්ථික ශක්තියක් සහිත පවුල් වෙත රුපියල් 5000 දීමනාව ලබාදීම යනාදී කාරණා ගණනාවක් යටතේ පැමිණිළි රැසක් ලැබී ඇති බවත්, ඉදිරියටද මේ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *