මෙරට කොරෝනා වෛරසය ආසාධනය වූවන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙක්

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බවට සෞඛ්‍ය අංශ පවසනවා. එමෙන්ම මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ වනවිට දරුවාගේ පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කෙරමින් සිටී. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි. වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා තිබේ.

ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමග මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *