මෙරට කොරෝනා රෝගීන් ගණන 869 දක්වා ඉහළට

කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මෙම කොරෝනා ආසාධිතයින් 06 දෙනා නාවික හමුදා සෙබළුන් බවටයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටින්නේ.

මේ වන විට සුවය ලැබූ කොරෝනා ආසාධිත රෝගීන් ගණන 343ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *