කොරෝනා මැඩපැවැත්වීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය හා තුරන් කිරීමේ ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදු වන අතර එම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු වෙයි.

එමෙන්ම අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක වටිනාකමකින් යුත් PCR යන්ත්‍ර, රෝහල් උපකරණ සහ වසංගතවේදීන් සිදුකරන ආවේක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *