පහේ ශිෂ්‍යත්වයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වනතුරු එකම විභාග අංකයක්

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් කිරීම දක්වාම එකම විභාග අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත ප්‍රකාශ කරන්නේ මේ සඳහා දත්ත පද්ධතියක් සකස් කර තිබෙන අතර එහි කටයුතු මේ වනවිට සියයට 90% කින් පමණ අවසන් කර ඇති බවයි.

අදාළ ක්‍රමවේදය අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග හා සරසවි විභාග සඳහා එකම විභාග අංකයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙනී සිටීමට සිදුවේ.

මෙහි දෙවන අදියර යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවී උප්පැන්න සහතිකයේ සඳහන් අංකයට ර​ජයේ සියලුම විභාග ලිවීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ විභාගවලට පෙනී සිටීමේදී විභාග අපේක්ෂකයන්ට පහසුවීම සහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද මෙය ඉතා පහසුවක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *