මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව යටතට

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙතට භාරදීමට පියවර ගෙන තිබෙන අතර හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න යන මහත්වරුන් අද (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වූ අතර එහිදී ඓතිහාසික දීඝවාපී පුදබිම හා මුහුදු මහා විහාරයද නිරීක්ෂණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *