මහ මැතිවරණ දිනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සභාපතිත්වය දරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇති බවට වාර්ථා වේ.

එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරු කටයුතු කරන බව වාර්තාව අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 18 වනදා සහ 19 වනදා යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *