මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

මෝටර් රථ හා සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනයට කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කර සිටියා.

එමෙන්ම ආනයන සීමා කිරීම හේතුවෙන් මතුවිය හැකි අර්බුද කාරී තත්වයන් ඇතුළු ජාත්‍යාන්තර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ඇතිවන ගැටලූ නිරාකරණය කිරිම සදහා අග‍්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *