මියගිය කොටි සමරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීම හෙවත් මහාවීර නාල් වැඩසටහන රජය විසින් තහනම් කර ඇත. උතුරේ බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත්තේ ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් නිරෝධායන සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ජනතාව කැඳවා මහා විරු දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන්ට මේ බව දන්වා තිබේ.

බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු දන්වා ඇත්තේ ද්‍රවිඩ සංධාන මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන්, තජේන්ද්‍රන් සහ කරච්චි ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු මෙම සමරුව මෙහෙයවන බවයි.

ඒ අනුව කොරෝනා වසංගත මර්දන නීතිරීති උල්ලංඝනය කරමින් මියගිය කොටි සැමරීමට කි‍්‍රයා කරන පිරිසට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *