මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 178ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මලයාසියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු ඊයේ (10) සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

කටුනායක ගුවන්තොටුපොළ වාර්තා කරන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ක්වාලාලම්පූර් නුවර සිට මෙම පිරිස පැමිණි බවයි.

මෙම ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණු අතර, ඉන්පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම පිරිස විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *