රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයින් වගකිව යුතු නෑ – මංගල සමරවීර

රටේ පවතින වතාවරණය තුළ ආර්ථිකය සවිමත් කිරීම සඳහා හැකිනම් රාජ්‍ය සේවකයින්ට තම මාසික වැටුප හෝ කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට යොදවන ලෙස ජනාධිපති ලේකම්වරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර සිටී.

ඔහු සඳහන් කරන්නේ වත්මන් රජය කොරෝනා වසංගතය හමුවේ ආර්ථික අර්බුදයක් ඇති වුවා යැයි කියමින් සමස්ථ රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇති බවත්, රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි රජයක නොහැකියාවට රාජ්‍ය සේවකයින් වගකිව යුතු නැති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඉල්ලීම පිළිබඳ මතුවෙමින් පවතින විරෝධතාව ඉදිරියේ එය ජනාධිපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *