ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (11) සවස 4.30 ට හිටපු කතානායක කරුජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදිී රැස් වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බවටයි ඔහු සඳහන් කළේ.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සභාව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, බිමල් රත්නායක, මහින්ද සමරසිංහ, තලතා අතුකෝරල, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යුසුෆ්, නාගනාදන් සෙල්වකුරන් සහ ආචාර්ය ජයන්ත දනපාල යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *