පාසල් විවෘත කිරීම පිළිබඳව ලබන සතියේ දී තීරණය කරනවා – අධ්‍යාපන ඇමති

පාසල් විවෘත කිරීම පිළිබඳව අදියර කිහිපයක් යටතේ සිදු කිරීම පිළිඹදව ලබන සතියේ දී තීරණයක් ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ පාසැල් ආරම්භ කිරීම අධියර කීපයකින් සිදු කිරීමට බලාපොරොත්තු වන බැවින් මුලින්ම කුඩා දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, සියලු පාසල් ආරම්භයට පෙර විෂවීජහරණය කිරීම සිදු කර නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත දින 4ක් පමණ පාසල් වසා තැබිය යුතු බවත්ය.

ඉන් අනතුරුව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කැදවා සිසුන් විශාල ප්‍රමාණයක් සිටින පන්ති තිබෙන බැවින් දුරස්ථ භාවය රැකගැනීම උදෙසා ඒ පිළිඹද සාකච්ඡා කොට කාලසටන් වෙනස් කිරීමත් බොහෝ දුරට සිදුවිය හැකි බවයි.

එමෙන්ම දෙවන අදියර ලෙස උසස්පෙළ දරුවන් හා සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවත් පැවසු අමාත්‍යවරයා, ඉන් අනතුරුව ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *