මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීම ලබන 18 හා 19 දින වලදී

ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 18 සහ 19 යන යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ එහි සාමජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා කටයුතු නොකරන බව එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *