අත්වැරදීමක් නිසා විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් වේ

විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමක් හේතුවෙන් ඇතැම් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ වරද වහාම නිවැරැදි කර නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත නැවත ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

ඇතැම් ප්‍රදේශවල මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට මහින්ද අමරවීර අමාත්‍යවරයාට තොරතුරු ලැබීමත් සමග ඒ පිළිඹදව කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවටයි.

කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස ද මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *