මැණික් ගඟට එක්වන නව පිවිසුම් ප්‍රාකාරයේ වැඩ අද අරඹයි

රුහුණු කතරගම මහා දේවාලයේ මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් අද (01) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ජනාධිපති, අමාත්‍ය චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මීට සමගාමීව “සුරකිමු ගංඟා” ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් ක්‍රියාකරන රථයක් රුහුණු කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරනු ලැබීය.

මැණික් ගඟට බැහැර වන කැළිකසල සහ ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමට මෙම රථ ජනාධිපතිවරයා විසින් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *