උත්සව

මාලේ ගුවන්තොටුපළේදී ශ්‍රී ලාංකික ගුවන් යානයක් සුලු අනතුරකට

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානය, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී අනතුරට ලක්ව ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ  එම යානයේ පිටුපස කොටසට අනතුරින් අලාභහානි සිදුව ඇති බව හා මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *