මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට…

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පැවසුවේ මුහුදේ දිය නාමින් සිටි පිරිමි ළමුන් සිව් දෙනෙකු යටි ප්‍රවාහයකට හසුවී බේරාගෙන ඇති අතර එහිදී ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මියගිය අය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

උපකාරක පන්ති යන මුවාවෙන් ඔවුන් මුහුදු නෑම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *