අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා වූ නිල උත්සවය අද…

2023 වසර සඳහා වැඩකටයුතු ආරම්භ කිරීමේ ප්‍රධාන නිල උත්සවය අද පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.

ප්‍රධාන උත්සවයට සමගාමීව සියලුම රාජ්‍ය ආයතනවල මෙම වැඩසටහන පැවැත්වීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම, මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇතුළු රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සහ රාජ්‍ය සේවක දිවුරුම් හඬ හඬා කියවීම ද සිදුකළ යුතු බව අමාත්‍යාංශය පවසයි.

වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කැපවූ දායකත්වයේ අවශ්‍යතාවය පිළිබඳව කෙටි අභිප්‍රේරණ කථාවක් කළ යුතු බව එහි සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *