හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු කොවිඩ් ආසාධනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඇති බවත් ඊට අනුව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.
පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකියාව තිබියදීත් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට පමණක් සදහන් කරමින් බවත්, එබැවින් එලෙස මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගෙ විස්වාසයන්ට පටහැනි බවත්ය.