මහ මැතිවරණයට පැවැත්වීමට අදාළ පෙත්සම් සලකා බැලීම හෙට සිට

ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ හෙට (18) සහ අනිද්දා දෙදින තුළ සලකා බැලීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරන මෙම විනිසුරු මඩුල්ලේ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් අදාළ පෙත්සම් ඉදිරිපත් කරතිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *